දේශීය

රථවාහන දඩ ගෙවීමට ලබාදී තිබූ සහන කාලය අවසන්

(UTV | කොළඹ) – කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් රථවාහන දඩ ගෙවීමට ලබාදී තිබු සහන කාලය අද (15) සිට අවසන් වේ. 

ඒ අනුව අද දිනෙන් පසුව වරද කළ දින සිට දින 14ක් දක්වා අතිරේක දඩ මුදල් රහිතව සහ දින 28ක් දක්වා අතිරේක දඩ මුදල් සහිතව අදාළ දඩය තැපැල් සහ උප තැපැල් කාර්යාල වෙත ගෙවිය හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

කෙසේවෙතත් දින 28 ඉක්මවා ගොස් ඇති කිසිදු දඩ පත්‍රිකාවක් සඳහා අද දිනෙන් පසු තැපැල් හා උප තැපැල් කාර්යාල වෙත ගෙවීම් සිදුකළ නොහැකි බව තැපැල්පතිවරයා ප්‍රකාශ කළේය.

 

Related posts

ජීවන් තොණ්ඩමන් ජාතික සභාවෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

බහාලුම් දහසක් වරායේ හිරවෙයි.

Editor O

වත්මන් ආණ්ඩුව පොලිම් යුගයක් නිර්මාණය කරමින් ඉන්නවා – සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment