දේශීය

මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියෙන් කෝටි 6 ක දේපළ හානියක්

(UTV | මහර) – මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිද්ධියේදී රුපියල් කෝටි 6 කට අධික දේපොළ හානියක් සිදුව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

දේපොළවලට හානි සිදු කරමින් කලහකාරී ලෙස හැසුරුණු සැකකරුවන් 120 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

ඉන් 116 දෙනෙකු රිමාන්ඩ් සිරකරුවන් වන අතර , සෙසු 4 දෙනා සිරකරුවන් ය.

මේ අතර බන්ධනාගාර කැරැල්ල මෙහෙය වූ බව කියන ප්‍රධාන පුද්ගලයන් 25 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේත්තුව විසින් හඳුනා ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මහර බන්ධනාගාර ගැටුමේදී එහි ගොඩනැගිලි කිහිපයකට ඖෂධ ගබඩාවට, ලේඛනාගාරය ඇතුළු දේපොළ රැසකට දැඩි අලාභ හානි සිදු විය.

 

Related posts

රිලා – වඳුරු සංගණනයක් කිරීමට සැලසුම්

Editor O

බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් 14 ක් පිටව යයි

Mohamed Dilsad

තේ වෙන්දේසියේදී තේ කිලෝවක් සඳහා ලැබෙන මිල පහතට

Editor O

Leave a Comment