දේශීය

නිරෝධායන රීති කඩ කළ සේවා ස්ථාන 473 කට නඩු

(UTV | කොළඹ) – මුහුණු ආවරණ නොපැලදීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් දස දහසකට පමණ නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.

බස්නාහිර පළාත තුළ පමණක් ඊයේ දිනයේ දී මුහුණු ආවරණ නොපැලදීම සහ සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කර නොගත් පුද්ගලයින් 137 දෙනෙකු අත් අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර ජනතාව පැමිණෙන ආයතන විසින් ක්‍රියාත්මක කළ යුතු නිරෝධායන පිළවෙත් නිසියාකාරයෙන් ක්‍රියාත්මක වන්නේද යන්න සොයා බැලීම සඳහාද විශේෂ පොලිස් මෙහෙයුමක් ඊයේ දිනයේදී සහ පෙරේදා දිනයේදී සිදු කර ඇත.

එහිදී ස්ථාන 2823 ක් පරික්ෂාවට ලක්වී ඇති අතර ඉන් ස්ථාන 473 කට විරුද්ධව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේය.

 

Related posts

හිටපු ඇමති, පී. හැරිසන්ගෙන් පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන

Editor O

බැසිල්ට ලොකු ආශාවක් ඇති වෙයි! ඊලඟ සැලසුම විමල් – උදය දෙසට

Mohamed Dilsad

බොරතෙල් මිලේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment