දේශීය

කෝටියකට අධික මුදල් සමඟ සිද්දික්ගේ ගෝලයෙකු අත්අඩංගුවට

(UTV |කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ එම ජාවාරම්වලින් උපයාගත් රුපියල් එක්කෝටි 26 ලක්ෂ හතලිස්තුන් දහසක මුදලක් සහ පවුම් 40ක ස්වර්ණාභරණ සමගය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (12)  සවස සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සිද්දික් නැමැත්තාගේ ගෝලයෙකු බවට අනාවරණය වී ඇත.

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත සහ මත්ද්‍රව්‍ය පනත යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

Related posts

කොරෝනා පිලිබඳ නිල තොරතුරු පමණක් විශ්වාස කරන්නැයි ජනතාවගෙන් ඉල්ලිමක්

Mohamed Dilsad

දිවයිනටම විදුලිය ඇණ හිටියි

Mohamed Dilsad

ග්‍රහලෝකාගාර දර්ශනවාර අද සිට

Mohamed Dilsad

Leave a Comment