දේශීය

රාජකාරී වේලාවේ වෙනසක් කිරීමට රජයේ අවධානය

(UTV| කොළඹ) – රාජකාරී සම්බන්ධයෙන් නම්‍යශීලි වේලාවන් හඳුන්වා දීම කෙරෙහි මේ වන විට රජයේ අවධානය යොමුව තිබෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල අද (12) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේය.

“සතියකට පැය 40 ක් වැඩකරන්න ඕනේ නම්, සමහර දාට කලින් යන්න පුළුවන්. සමහර දාට පරක්කුවෙලා යන්න පුළුවන්. පැය 40 සම්පූර්ණ කිරීමයි අවශ්‍ය වෙන්නේ. හැමෝම එකම වේලාවක වැඩ ආරම්භ කරලා වැඩ අවසන් කිරීම වෙනුවට නව තාක්ෂණයක් භාවිත කරමින් නම්‍යශීලි රාජකාරී වේලාවන් සිදුකිරීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමුවෙලා තියෙනවා” යැයි මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

Related posts

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කළ 669 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ සඳහා පුටුව ලකුණින්

Editor O

ඉතිහාසයේ පළමු වරට සමුද්‍රීය මූලධර්ම සංග්‍රහයක්

Mohamed Dilsad

Leave a Comment