දේශීය

රාජකාරී වේලාවේ වෙනසක් කිරීමට රජයේ අවධානය

(UTV| කොළඹ) – රාජකාරී සම්බන්ධයෙන් නම්‍යශීලි වේලාවන් හඳුන්වා දීම කෙරෙහි මේ වන විට රජයේ අවධානය යොමුව තිබෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල අද (12) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේය.

“සතියකට පැය 40 ක් වැඩකරන්න ඕනේ නම්, සමහර දාට කලින් යන්න පුළුවන්. සමහර දාට පරක්කුවෙලා යන්න පුළුවන්. පැය 40 සම්පූර්ණ කිරීමයි අවශ්‍ය වෙන්නේ. හැමෝම එකම වේලාවක වැඩ ආරම්භ කරලා වැඩ අවසන් කිරීම වෙනුවට නව තාක්ෂණයක් භාවිත කරමින් නම්‍යශීලි රාජකාරී වේලාවන් සිදුකිරීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමුවෙලා තියෙනවා” යැයි මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

Related posts

උපාධිධාරීන් ස්ථිර කිරීමේ සම්මුඛ පරික්ෂණ ඇරඹේ

Mohamed Dilsad

ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Editor O

වැඩි මිලට පොල් අලෙවි කරන වෙළෙඳුන් අදත් සොයයි

Mohamed Dilsad

Leave a Comment