දේශීය

වසර තුනකට පසු පරාක්‍රම සමුද්‍රයේ වාං දොරටු සියල්ලම විවෘත කරයි

(UTV | පොළොන්නරුව ) – පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැළෙන මහ වැසි හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 ම විවෘත කර ඇත.

එලෙස වාං දොරටු 10 ම විවෘත කරනු ලැබුවේ වසර තුනකට පසුව බවයි පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.කේ.හේවාගම මහතා සඳහන් කළේය.

වාං දොරටු 10 න් 8 ක් අඩියක් බැගින් ද වාං දොරටු 2 ක් අඩි දෙක බැගින් ද විවෘත කර ඇති අතර මේ හේතුවෙන් ඉන් තත්පරයට ඝන අඩි 1620 ක් පිටතට මුදා හැරෙමින් පවතිනවා.

පහත් බිම් ජලයෙන් යට වීමේ අවදානමක් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

 

Related posts

සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක රිමාන්ඩ්

Mohamed Dilsad

දුම්රිය ගැටලුව විසඳන්න තවත් සාකච්ඡාවක්

Mohamed Dilsad

අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ධුරය රතන හිමිට

Mohamed Dilsad

Leave a Comment