දේශීය

කොවිඩ් අනු පොකුරු කොළඹින් බැහැර ඇතිවීමේ අවදානමක්

(UTV |කොළඹ) – අනපේක්‍ෂිත ලෙස කොළඹින් බැහැර ප්‍රදේශ වලින් රෝගීන් වාර්තා  වීම අවදානම් තත්ත්වයක් බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පවසයි.

මේ වන විට කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ රෝගය පැතිරීම යම් තාක් දුරට පාලනය කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියි.

ඊයේ දිනය වන විට වවුනියාව ප්‍රදේශයෙන් රෝගීන් 56 දෙනෙක් අහඹු පරීක්ෂාවකදී හමුවී තිබේ.

ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේත්,සබරගමුව පළාතේත්,වයඹ පළාතේත් අනෙකුත් දිස්ත්‍රික්ක වලත් කොවිඩ් අනු පොකුරු වාර්තා වීම ඉතාම අවදානම් තත්ත්වයක් බව උපුල් රෝහණ මහතා පෙන්වා දෙයි.

රට තුළ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ගැටළු කිහිපයක් පැන නැගී ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.

විශේෂයෙන් රාජ්‍ය ආයතන වල සහ අර්ධ රාජ්‍ය ආයතන වල රෝගීන් වාර්තා වීම පිළිබඳ සත්‍ය තොරතුරු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ලබා නොදීම බරපතල තත්ත්වයකි.

එම ආයතනවල PCR පරීක්‍ෂණ සිදු කර රෝගීන් ලෙස වාර්තා වුවද යම් යම් සැඟවීම් සිදු කරන බවත්,බොහෝ ප්‍රදේශ වල වසංගත රෝග අංශයේ වෛද්‍ය නිලධාරීන් ඔවුන්ගේ කාර්ය භාර්ය නිසි ලෙස ඉටු නොකිරීම නිසා රෝගීන් නිරෝධායනය කිරීම ගැටළු සහගත බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් පවසයි.

මෙම අවධානම් තත්ත්වය කොතෙක්ද යත් රටේ රාජ්‍ය අමාත්‍යවරයෙකුට පවා රෝගය වැළදී ඇති බව උපුල් රෝහණ මහතා පවසයි.

 

 

 

Related posts

මහරගම මාරක අනතුරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ආරක්ෂක අමාත්‍යංශය යටතට තවත් ආයතන කීපයක්

Mohamed Dilsad

තවත් ආසාදිතයන් දෙදෙනෙක් සම්පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment