දේශීය

කරාපිටිය රෝහලේත් වාට්ටුවක් වැසේ

(UTV |ගාල්ල)  – කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටුවක් තාවකාලිකව වසා දමා තිබේ.

ඒ එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තරුණියකට කොරෝනා ආසාදනය වීමේ හේතුවෙනි.

මෙසේ තාවකාලිකව වසා ඇත්තේ එම රෝහලේ මනෝ විද්‍යා ඒකකයේ වාට්ටු අංක 23 යි.

එම තරුණිය ඊයේ දිනයේ දී රෝහලට ඇතුලත් කර ඇති අතර PCR පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව අද(09) ඇය ආසාදිතයකු බව තහවුරු වී තිබේ.

ඇය වාට්ටුවෙන් පෙර යාමට උත්සාහ දරා තිබෙන අතර ඇය වැළැක්වීම සදහා ඉදිරිපත් වුණු කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුද නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි වාර්තා වේ.

Related posts

මහ බැංකු අධිපති සහ ජනාධිපති අතර සාකච්ඡාවක්

Editor O

සිපෙට්කෝ යළි තෙල්වලින් පිරෙයි

Mohamed Dilsad

පදවි ප්‍රාප්තිය වෙනුවෙන් උත්සව අනවශ්‍ය බවට ජනපතිගෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment