දේශීය

යුක්රේන සංචාරකයින් ඇතුලු 626 දෙනෙක් අද දිවයිනට

(UTV | කොළඹ) – විදේශයන්හි සිට තවත් පුද්ගලයින් 261 දෙනෙකු අද (08) අලුයම දිවයිනට පැමිණ ඇත.

ඉන්දියාවේ සිට 29 දෙනෙක් , කටාර් සිට 30 දෙනෙක් , ජපානයේ සිට 45 දෙනෙක් , ඕස්ට්‍රේලියාවේ සිට 157 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

මේ අතර විදෙස් සංචාරකයින් ඇතුලු 365 දෙනෙකු අද දිනය තුළ දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර , ඒ අතරින් 159 දෙනෙකු පැමිණෙන්නේ යුක්රේනයේ සිටයි.

මාලදිවයිනේ සිට 30 දෙනෙක් , ඉතාලියේ සිට 32 දෙනෙක් , බංගලාදේශයේ සිට 10 දෙනෙක් , මැලේසියාවේ සිට 5 දෙනෙක් ,දකුණු අප්‍රිකාවේ සිට 35 දෙනෙක් , එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට 75 දෙනෙකු සහ සිංගප්පුරුවේ සිට 19 දෙනෙකු අද දිනය තුළ දිවයිනට පැමිණීමට නියමිත පිරිස අතර වනවා.

ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 78 ක් තුළ පුද්ගලයින් 5782 දෙනෙකු මේ වනවිට නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් 19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධඨ්‍යස්ථානය සඳහන් කළේය.

 

Related posts

තවත් කොරෝනා ආසාදිතයන් 728 ක් සුව අතට

Mohamed Dilsad

රාජ්‍ය මුදල් අවභාවිත කල දුම්රිය නිළධාරීන් පිළිබඳ පරීක්ෂණයක්

Mohamed Dilsad

ඊයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 39 ක් හඳුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment