දේශීය

හංවැල්ලේ හිමි ඝාතනයට සම්බන්ධ තවත් හතර දෙනෙකු අත්අඩංගුවට

(UTV |කොළඹ ) – හංවැල්ල, කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති හිමිනම පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මිරිහාන විශේෂ විමර්ශන ඒකකය සහ හංවැල්ල පොලීසිය විසින් සිදු කළ විමර්ශනයේදීය.

ඊයේ (06) දිනයේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව මේ වනවිට සිද්ධියට අදාළව කාන්තාවක් ඇතුලු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් සිව් දෙනෙකු අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මීටපෙර අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් තුන්දෙනා සහ සැකකාරිය හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

උඩුවිල ධම්මසිරි හිමියන් සහ එහි සාමණේර භික්‍ෂුවකගේ මව සමඟ බහින්බස්වීමක් සිදුව ඇතිබව එම සිද්ධිය පිළිබඳව සිදුකළ මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී තිබේ.

පොලිසිය පැවසුවේ, එම බහින්බස් වීමෙන් පසුව සාමණේර හිමිගේ මව තම අනියම් සැමියා යැයි පැවසෙන පුද්ගලයෙක් ඇතුළු දස දෙනෙකුගෙන් පමණ සමන්විත සන්නද්ධ පිරිසක් ආරණ්‍ය සේනාසනයට පසුගිය 2 වැනිදා පැමිණ උඩුවිල හිමියන්ට පහරදී පැහැරගෙන ගොස් ඇති බවය.

ඔවුන් එම පැහැරගත් හිමිනමව ගෙනැවිත් ඇත්තේ, කඩවත පිහිටි දෙමහල් නිවසකටය.

එහිදී සාමණේර හිමිගේ මව හා ඇයගේ අනියම් සැමියා සිදුකළ දරුණු පහරදීමකදී කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති වහන්සේ අපවත්වී ඇති බව වාර්තා වේ.

ඉන්පසු උන්වහන්සේගේ සිරුර කොටදෙණියාව නාවාන පොදු සුසාන භූමියේදී පුළුස්සා තිබේ.

එය චීවරධාරියෙකුගේ දේහයක් බව හඳුනාගෙන ඇත්තේ, පිළිස්සුණු සිරුරේ රැඳී තිබූ සිවුරු කොටසකිනි.

 

Related posts

සහල් මිල පහළට

Mohamed Dilsad

පාන් ගෙඩියක මිල ඉහළට

Mohamed Dilsad

අවුරුදු සමයේ සාද පවත්වන්නන්ට පොලීසියෙන් අවවාදයක්

Mohamed Dilsad

Leave a Comment