දේශීය

සිසුන් ප්‍රවාහනය සඳහා සිසු සැරිය බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමට සුදානම්

(UTV |කොළඹ) – පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා සිසු සැරිය බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමට සුදානම් බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ සිසුන් ප්‍රවාහනයට බස්රථ ප්‍රමාණවත් නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ට තම පාසලට අවශ්‍ය බස් රථ ප්‍රමාණය අදාළ ඩිපෝ වෙතින් ලබා ගැනීමට අවශ්‍ය පියවර සකස් කර ඇති බවයි.

2021 වසරේ නව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී කිංස්ලි රණවක මහතා මේ බව සඳහන් කර තිබේ.

මේ අතර දරුවන් සෞඛ්‍ය ආරක්ෂිතව පාසල් වෙත කැඳවීමට සියලු පාර්ශ්ව වගකීමෙන් කටයුතු කළයුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

පාසල් වෙත පැමිණෙන එක් දරුවෙකුට හෝ අධ්‍යාපනය ලබාදීමට ගුරුවරුන් සූදානමින් සිටින බවද ලේකම්වරයා පැවසීය.

Related posts

පිරිවැය ආවරණය වන විදුලි ගාස්තුවක් අය කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දැනුම්දීමක්

Editor O

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 22,000 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

සුදු වෑන් සිද්ධියට අදාල පුද්ගලයින් දෙදෙනා ද ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment