දේශීය

සිසුන් ප්‍රවාහනය සඳහා සිසු සැරිය බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමට සුදානම්

(UTV |කොළඹ) – පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා සිසු සැරිය බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමට සුදානම් බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ සිසුන් ප්‍රවාහනයට බස්රථ ප්‍රමාණවත් නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ට තම පාසලට අවශ්‍ය බස් රථ ප්‍රමාණය අදාළ ඩිපෝ වෙතින් ලබා ගැනීමට අවශ්‍ය පියවර සකස් කර ඇති බවයි.

2021 වසරේ නව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී කිංස්ලි රණවක මහතා මේ බව සඳහන් කර තිබේ.

මේ අතර දරුවන් සෞඛ්‍ය ආරක්ෂිතව පාසල් වෙත කැඳවීමට සියලු පාර්ශ්ව වගකීමෙන් කටයුතු කළයුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

පාසල් වෙත පැමිණෙන එක් දරුවෙකුට හෝ අධ්‍යාපනය ලබාදීමට ගුරුවරුන් සූදානමින් සිටින බවද ලේකම්වරයා පැවසීය.

Related posts

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 2000 පසුකරයි

Mohamed Dilsad

“බැසිල් මහින්දගෙන් විපක්ෂනායක තනතුර ඉල්ලුවා” – විමල් කියයි

Mohamed Dilsad

කුවෙට් එයාවේස් ලංකාවට එන එක නවත්වයි

Mohamed Dilsad

Leave a Comment