දේශීය

ඉන්දීය විදේශ ඇමති අද ජනපති – අගමැති හමුවෙයි

(UTV| කොළඹ) – දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිතයි.

එමෙන්ම, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද හමුවීමට නියමිතව ඇත.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ආරාධනයකට අනුව ඊයේ දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හෙට දක්වා මෙරට රැඳී සිටිනු ඇති.

අංශ රැසක සහයෝගීතාවය වර්ධනය මෙන්ම ද්විපාර්ශවික සබඳතා තර කර ගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙයි.

 

Related posts

අධිකරණ තීන්දුව අනුව කටයුතු කරනවා – මුදල් රාජ්‍ය ඇමති

Mohamed Dilsad

බහාලුම් දහසක් වරායේ හිරවෙයි.

Editor O

සියලු රාජ්‍ය සේවකයන්ට මේ මස 23 වනදා මාසික වැටුප්

Mohamed Dilsad

Leave a Comment