විදෙස්

චීනයේ ධනවත්ම මිනිසා වන අලිබාබා අතුරුදහන්

(UTV | චීනය) – චීනයේ ධනවත්ම මිනිසා ලෙස වසර ගණනාවක් පෙරමුණ ගෙන සිටි අලිබාබා සමාගමේ නිර්මාතෘ ජැක් මා මාස දෙකක පමණ කාලයක සිට ප්‍රසිද්ධියේ දක්නට නොලැබුණු බවට මාධ්‍ය වාර්තා පළවී තිබේ.

අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ පසුගියදා පැවති “Africa’s Business Heroes”වැඩසටහෙනි අවසන් තරඟයට පැමිණියේ නැත. එය ඔහු විසින් ම නිර්මාණය කළ වැඩසටහනක් බැවින් ඔහු එම අවසන් තරඟය විනිශ්චය කිරීමට පැමිණෙතැයි බොහෝදෙනා බලාපොරොත්තු විය.

ඔහුගේ ඡායාරූපය ද වෙබ්පිටුවෙන් ඉවත් කර ඇත.

අලිබාබා සහ ඈන්ට් සමූහ ව්‍යාපාරයේ අධිපති ජැක් මා පසුගිය නොවැම්බර් මාසයේ සිට ප්‍රසිද්ධියේ පෙනී නොසිටි බව පැවසේ.

පසුගිය නොවැම්බර් මාසයේදී ඔහුට අයත් ඈන්ට් සමූහ ව්‍යාපාරය කොටස් වෙළෙඳපොළට සම්බන්ධ කිරීමට ගත් උත්සහය අත්හිටුවීමට සිදුවිය.

ඔහු ප්‍රසිද්ධියේ චීනයේ මූල්‍ය හා නියාමන පද්ධතියට චෝදනා කළ බවට ද මාධ්‍ය වාර්තා පළවී තිබූ අතර පසුව ඔහුට චීනයෙන් පිටව නොයන ලෙසට චීන රජය උපදෙස් දී තිබිණි.

ඉන් සතියකට අනතුරුව “මා” ගේ Ant ව්‍යපාර සමුහයේ කොටස් නිකුතුව තහනම් කෙරිණි.

ජැක් මාගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 58.4ක් බව ෆෝබ්ස් සඟරාව පවසයි.

බ්ලූම්බර්ග් බිලියනයර්ස් ආයතනයට අනුව ඔහු මේ වන විට ආසියාවේ ධනවතුන් අතර සිටින්නේ, තුන් වන ස්ථානයේය.

 

Related posts

ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් 19 දෙනෙකු මරුට

Mohamed Dilsad

මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

සමාජ දුරස්ථභාවය කඩ කළ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment