විදෙස්

ඔක්ස්ෆර්ඩ් එන්නතට එංගලන්ත ඖෂධ අධිකාරියේ අනුමැතිය

(UTV |එංගලන්තය) – එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත සඳහා එරට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි වෙයි.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් සරසවියේ විද්‍යාඥයින්ගේ මූලිකත්වයෙන් නිපදවන ලද මෙම එන්නත් මිලියන 100 ක ඇණවුමක් මේ වනවිටත් ලබාදී අවසන්ය.

මිලියන 50 ක ජනතාවකට එය ලබාදීමට සැලසුම් කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති එරට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක වේ.

Related posts

සිරියාවේ පිපිරීම් මාලාවකින් 215 දෙනෙක් මරුට

Mohamed Dilsad

එඩ්වඩ් ස්නෝඩන් හට රුසියාවේ පුරවැසි භාවය හිමි වෙයි

Mohamed Dilsad

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීම යෝජනාව පරාදයි

Mohamed Dilsad

Leave a Comment