ගොසිප්

කොරෝනාවට එරෙහිව එක්සත් ජනපදයෙන් සොයාගත් පළතුර

(UTV | එක්සත් ජනපදය) – එක්සත් ජනපදයේ මෑත කාලීන පර්යේෂණ ප්‍රයත්නයක ප්‍රතිඵලවලින් සඳහන් වී ඇත්තේ කොරෝනාවට එරෙහිව ප්‍රතිවෛරස් කාරකයක් ලෙස බ්‍රෝමලේන් හෝ බ්‍රොමේලයින් පොහොසත් අන්නාසි කඳ භාවිතා කළ හැකි බවයි.

මෙම අත්හදා බැලීම සිදුකර ඇත්තේ පිළිකා රෝගින්ට ප්‍රතිකාර කිරීමට සොයාගත් සංවර්ධනය කෙරුණු ඖෂධයකිනි.

එහිදී අන්නාසිවල තිබෙන එන්සයිමයක් භාවිත කර මෙම වෛරසය මානව සෛලවලට ආසාදනය වන ප්‍රේටීන් (ස්පයික් ප්‍රෝටීන්ස්) දිය කර හැරීමට අන්නාසිවල තිබෙන හැකියාව එම පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

අන්නාසිවල තිබෙන එම එන්සයිමය භාවිත කරමින් නාසයට ඉසින දියරයක් ලෙස සැකසීමට මෙම පර්යේෂකයන්ගේ අවධානය යොමු වී ඇත. කොරෝනා වෛරසය නාසයෙන් උගුරටත්, ඉන් අනතුරුව පෙනහලුවලටත් ආසාදනය වීම වැළැක්වීම එමඟින් අපේක්ෂා කෙරේ.

 

 

Related posts

විමල්ට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට පොලිසියට හදිසි ඇමතුමක්

Mohamed Dilsad

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් යළිත් නිවේදනයක්

Mohamed Dilsad

ගෝඨාභය රජුගේ කාලය තුළත් රටේ දුර්භික්ෂ හා වසංගත ඇති වුණා

Mohamed Dilsad

Leave a Comment