දේශීය

කොරෝනා එන්නත ගැන සෙවීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්

(UTV |කොළඹ) – කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කෙරෙන එන්නත් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු වෙයි.

ඒ අනුව එම එන්නත මෙරටට ගෙන්වීමට අවශ්‍ය කටයුතු සහ එන්නත් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීම මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් සොයා බැලීමට නියමිතය.

එලෙස කාර්ය සාධක බලකායක් පිහිටුවිය යුතු බවට ජනාධිපතිවරයා දැනුම් දුන් බව ජනාධිපති ප්‍රධාන උපදේශක සහ කොවිඩ් එන්නත් මෙරටට ගෙන්වීමේ සම්බන්ධීකරණ කටයුතු සඳහා පත් කළ ලලිත් වීරතුංග මහතා පවසයි.

එන්නත් මෙරටට ගෙන්වීම පිළිබඳව මූලික අධ්‍යයන කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතින අතර, ඉදිරි සති දෙක ඇතුළත ඒ සම්බන්ධයෙන් හොද පිළිතුරක් ලබාදීමට අපේක්ෂා කෙරේ.

Related posts

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට තීරණය කෙරේ

Mohamed Dilsad

අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා ඇත්දැයි සොයා වැටලීම්

Mohamed Dilsad

Leave a Comment