දේශීය

කොරෝනා සිරුරු භූමදානය ගැන අවසන් තීන්දුව ළඟදීම

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ මෘත දේහයන් භූමදානය ට අවසර ලබාදීම පිළිබඳ අවසන් තීන්දුව ඉදිරි දින කිහිපය තුළ ගැනීමට නියමිතය.

මේ සඳහා තීරණයක් ගැනීම අවසන් අදියරට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද විශේෂඥ කමිටුවක් විසින් මේ බව රජයේ බලධාරීන් දැනුවත් කර ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුළු පාර්ශව කිහිපයක් පමණක් ඊට මේ වන විට විරෝධය පළ කිරීම හේතුවෙන් අනුමැතිය ලබාදීම ප්‍රමාද වෙමින් ඇතැයි ද සඳහන්.

 

Related posts

රැඳවුවන්ගේ බත්පතට බන්ධනාගාර නිලධාරීන් කරන වැඩක් ගැන බත්තරමුල්ලේ සීලරතන හිමිගෙන් ප්‍රකාශයක්

Editor O

ලොකු ලූනු ආනයන බද්දේ වාසිය අපේ ගොවියාටයි

Mohamed Dilsad

සුපිරි ධනවතුන්ගේ කිරුළ එලෝන් මස්ක්ට ..!

Editor O

Leave a Comment