දේශීය

විදේශීය එන්නත් 4 ක් ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් නිර්දේශ

(UTV | කොළඹ) – ලෝකයේ රටවල් කිහිපයක නිෂ්පාදිත කොරෝනා වෛරසයට එරෙහි එන්නත් 4 ක් පිළිබද වෛද්‍ය පර්යේෂණ සභාවේ නිර්දේශ ලබාදී තිබේ.

එම සභාව සඳහන් කළේ , සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තවත් පාර්ශව කිහිපයක් එක්ව සාකච්ඡා පවත්වා කුමන එන්නත මෙරටට රැගෙන එන්නේ ද යන්න පිළිබදව කඩිනමින් අවසන් නිගමනයකට පැමිණෙන බවයි.

මේ අතර, අවදානයට යොමුව ඇති එන්නත් 4 රෙහි පවතින බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරටට ගෙන්වීම කෙරෙහි වැඩි අවදානයක් යොමුව ඇති බව වෛද්‍ය පර්යේෂණ සභාව සඳහන් කරයි.

මීට අමතරව මෙරටට ගෙන්වීම කෙරෙහි අවදානය යොමුව ඇති අනෙකුත් එන්නත් වන්නේ මොඩානා, ෆයිසර් බයොටෙක් සහ ස්පුට්නික් – 5 එන්නත්ය.

 

Related posts

සමගි ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය ලබන 20 වැනිදායින් ඇරඹේ

Mohamed Dilsad

අද ගෑස් පෝලිම්වලට එන්න එපා

Mohamed Dilsad

හිරු නාලිකාව ම⁣ට්ටු කරන්න අනුරගේ ආණ්ඩුවට ධාරිතාවක් නැහැ | බැරි වැඩ නොකර ඉන්න – මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගෙන් ආණ්ඩුවට උපදෙස්

Editor O

Leave a Comment