ගොසිප්

කොරෝනා වලට බිය වී මවක් සිය දිවි නසා ගනී

(UTV |කොළඹ) – 73  පස් දරු මවක් තමන්ට කොරෝනා ආසාදනය වේ යැයි බියෙන් සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගැනීමේ සිද්ධියක් වත්තල ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම කාන්තාව තමන්ට කොරෝනා වැළඳී තම දරුවන්ටද වෛරසය ආසාදනය විය හැකිබව පවසමින් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා විය.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ වත්තල හුණුපිටිය වෙඩිකන්ද ප්‍රදෙශයේ පදිංචි කාන්තාවකි.

ඇය නිවසින් එළියට ගොස් ඉටිපන්දමක් ආධාරයෙන් මෙලෙස සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව අනාවරණ වී ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.

Related posts

ජනාධිපතිවරයාට අවුරුද්දකින් දේශපාලනය එපා වෙලා

Mohamed Dilsad

පොදුජන පෙරමුණ ඉන්දියාව විසින් මිලට ගැනීමේ සූදානමක්

Mohamed Dilsad

ලංකාවේ ආහාර වේලක මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment