දේශීය

ඊයේ වැඩිම ආසාදිතයන් කළුතර දිස්ත්‍රික්කයෙන් – කොළඹ දෙවැනි තැනට

(UTV| කළුතර) – ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තාවූ කොවිඩ් ආසාදිතයන් 428 දෙනා අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කලුතර දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම සංඛ්‍යාව 193 ක් වන අතර , ඉන් 162 දෙනෙකු අටුලුගම ගම්මානයෙන් වාර්තා වී ඇත.

කොළඹින් ඊයේ වාර්තා වූ ආසාදිතයන් ගණන 101 ක්. ඉන් 42 දෙනෙකු බොරැල්ල ප්‍රදේශයෙන්.

එමෙන්ම ත්‍රිකුණාමලයෙන් ඊයේ වාර්තාවී ඇති ආසාදිතයන් ගණන 42 ක් වන අතර , ඉන් 12 දෙනෙකු මුතූර් පොලිස් ස්ථානයේ නිළධාරීන් වෙයි.

 

Related posts

නීතිවිරෝධී යතුරුපැදි තරගයක් සංවිධානය කළ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගැන අලුත්ම තොරතුර මෙන්න

Editor O

‘කළු මල්ලි’ අංගොඩදී පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment