ක්‍රීඩා

මිස්බා උල් හක් ක්‍රිකට් වාර්තාපොතට

(උදයම්,පකිස්ථානය)  – ටෙස්ට් ඉනිමකදී ලකුණු 99ක් ලබා සිටියදී දැවීයාමෙන් හෝ ඉනිම අවසන් වීමෙන් නොදැවි සිටීමෙන් වැඩිම වාර ගණනකදී පිටියෙන් ඉවත්වූ පිතිකරුවා ලෙස පාකිස්තානු ටෙස්ට් පිලේ නායක වාර්තාපොතට එක් වෙයි.

ඊයේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව බ්‍රිජ්ටවුන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය විය.

මෙහිදී පාකිස්තානු පළමු ඉනිමේදී ලකුණු 99කට දැවීයාමෙන් තුන්වැනි වරටත් එවැනි ඉරණමකට ගොදුරු වූ මිස්බා මේ වාර්තාවට ඇතුළත් විය

ඊට පෙර 2011 වසරේ නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී පළමුවරට ලකුණු 99ට දැවී ගිය මිස්බා කොදෙව්වන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගමාලාවේ පළමු ටෙස්ට් තරගයේ පාකිස්තානු පළමු ඉනිම නිමාවට පත්වීමෙන් ලකුණු 99ක් ලබා නොදැවී පිටියෙන් ඉවත්විය.

Related posts

අවසන් තරගයේ ජය සමගින් තරගාවලියේම ජය දකුණු අප්‍රිකාවට

Mohamed Dilsad

කෝලි වරද පිළි ගනී

Mohamed Dilsad

බංගලාදේශයට 223ක ඉලක්කයක්

Mohamed Dilsad

Leave a Comment