දේශීය

විදෙස්ගතව සිට නිරෝධායනය අවසන් කළ මගීන්ට නිවේදනයක්

(UTV | කොළඹ) – විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය අවසන් කළ ගුවන් මගීන්ට 2021 ජනවාරි මස 16 වන දින දක්වා කටුනායක ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිල දී ගැනීමේ අවස්ථාව ලබා දී ඇත.   

2020 සැප්තැම්බර් 1 වන දින සිට 2020 දෙසැම්බර් 16 වන දින තෙක් කාලය තුළ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති ගුවන් මගීන්ට එම අවස්ථාව හිමි වේ.

ගුවන්තොටුපල යළි විවෘත කර රට තුළට සංචාරකයන් මුදා හරින්නේ සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසුව බව වසංගත රෝග හා කොවිඩ් රෝගය පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අවධාරණය කරයි.

ඒ සඳහා වඩාත් සුදුසු වැඩපිළිවෙලක් ගුවන්තොටුපල තුළ සිදුවන බව ද ඇය පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සදහන් කළේ කටුනායක ගුවන්තොටුපලේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සහ වැඩපිළිවෙල පිළිබද සොයාබැලීම සදහා ඊයේ පැමිණි අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින්.

 

Related posts

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හා ජනපති අතර විශේෂ හමුවක්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්තිවිඳින්න

Mohamed Dilsad

Leave a Comment