ගොසිප්

කොරෝනා පැණියේ මුල්ම පරීක්ෂණ වාර්තාව මෙන්න

(UTV | කොළඹ) – කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් කොරෝනා වෛරසය සඳහන් නිෂ්පාදනය කර ඇති ඖෂධය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ වාර්තාව ලැබී ඇති බව ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අදාළ වාර්තාවට අනුව මෙම ඖෂධයේ විෂ සහිත කිසිවක් නොමැති බවට සඳහන් වන බව ඔහු සඳහන් කරයි.

නමුත් ඉදිරියේදී සායනික පරීක්ෂණ කිරීම සඳහා යම් ක්‍රියාවලියක් ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා, එම ක්‍රියාවලිය තුළද මෙය යම් මට්ටමකට ඉදිරියට ගොස් ඇති බවත් , ඒ අනුව පරීක්ෂණ කණ්ඩායම් එම කටයුතු ඉදිරියටද කරගෙන යමින් සිටින බවත් ඒ මහතා කියා සිටියි.

බටහිර හෝ ආයුර්වේද නොවන ඖෂධයක් එම වෛද්‍ය ක්‍රම දෙකෙන් පරීක්ෂණ කිරීම ගැටලු සහගත වුවත් ජනතාවගේ යම් පිළිගැනීමක් ලැබිය යුතු නිසා එසේ පරීක්ෂණ සිදුකරන බවයි චන්ද ජයසුමන මහතා සඳහන් කළේ.

 

 

Related posts

සෞඛ්‍ය අමාත්‍යංශයේ කටයුතු හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරිය කණස්සලල්ට

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් ගින්න නිවන්න රජය වැය කළ මුදල අහිමිවීමේ අවධානමක්

Mohamed Dilsad

තවත් හඬපට පරීක්‍ෂාවක්

Mohamed Dilsad

Leave a Comment