ගොසිප්

තවත් හඬපට පරීක්‍ෂාවක්

(UTV | කොළඹ) – අධිකරණ විනිසුරුවරුන්ට දුරකථන මගින් බලපෑම් එල්ලවූවේ දැයි සොයා බැලීම සඳහා  ඔවුන්ගේ හඬ පටත් පරීක්‍ෂා කිරීමට සුදානම් වේ.

ඒ යහපාලන ආණ්‌ඩුව සමයේ විභාග වූ ආන්දෝලනාත්මක නඩු කටයුතු සඳහා රන්ජන් රාමනායක හිටපු ඇමැතිවරයාට අමතර තවත් මැති ඇමැතිවරුන්ගෙන් ද එවැනි බලපෑම් එල්ල වුයේද යන්න තහවුරු කර ගැනීම සඳහාය.

මේ සඳහා අගවිනිසුරු සහ නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට වත්මන් රජයේ මැති ඇමැතිවරුන් කණ්‌ඩායමක්‌ සුදානම් වේ.

මෙම මන්ත‍්‍රීවරුන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ නීතිපති දප්පුල ද ලිවේරා යන මහත්වරුන්ගෙන් ලිඛිතව ඉල්ලා ඇත්තේ පසුගිය රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනකු ද විනිසුරුවරුන්ට දුරකථන ඇමතුම් ලබාදී බලපෑම් කර ඇති බවට ලැබෙන තොරතුරු අනුව ඒවා තහවුරු කර ගැනීම සඳහා එම ආන්දෝලනාත්මක නඩු විභාග කළ විනිසුරුවරුන්ගේ ජංගම දුරකථන වෙත ලැබුණු ඇමතුම් සම්බන්ධ වාර්තා ලබාගෙන විමර්ශනයක් සිදුකරන ලෙසය.

එම නඩු අතර,

1.සිල් රෙදි නඩුවට හිටපු ජනාධිපති ලේකම්වරයකු වූ ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු වූ අනූෂ පැල්පිට යන මහත්වරුන් රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීම.

2.බැසිල් රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ සහ යෝෂිත රාජපක්‍ෂ යන මහත්වරුන්ට චෝදනා ගොනුකර රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීම.

3.වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පැවරූ නඩු සම්බන්ධව සහ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියකු මෙන්ම වත්මන් අගමැති ලේකම් ගාමිණී සෙනරත් මහතාට නඩු පැවරීම

4.හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනුකර සිරගත කිරීම වේ.

 

Related posts

කොළඹ තත්ත්වය අවධානම්.සංචරණය සීමා කරන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

ශලනිටත් කෝවිඩ් වැළඳෙයි

Mohamed Dilsad

වාහන වලටත් මිල සුත්‍රයක්

Mohamed Dilsad

Leave a Comment