ගොසිප්

එළඹෙන සතිය තීරණාත්මකයි – ජනතාව දැනටමත් හෝටල් වෙන් කරගෙන

(UTV | කොළඹ) –  එළඹෙන උත්සව සමයේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී මෙම සති අන්තයේ සිට දත්ත වාර්තා සැලකිල්ලට ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි. 

මේ වනවිටත් ජනතාව හෝටල් වෙන් කර ගෙන ඇති බවට ද තොරතුරු ලැබී තිබෙන බව ඒ මහතා පවසා සිටී.

කොරෝනා වෛරසය දැඩි ලෙස සක්‍රියව පවතින බැවින් එළැඹෙන සතිය තීරණාත්මක සතියක් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කරයි.

සති අන්තයේ උත්සව, සැණකෙළි හා සාප්පු සවාරි ආදියෙහි මහජනතාව යෙදීම මඟින් කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම විය හැකි අතර ඒ මඟින් රට විශාල අවදානමකට ලක්විය හැකි බවද ඔහු අනතුරු ඇඟවීමක් කරයි.

ඒ හේතුවෙන් උත්සව, සැණකෙළි, විනෝදගමන් හා සාප්පු සවාරි ආදියෙහි නොයෙදීමෙන් වෛරස ව්‍යාප්තවීම අවම කර ගැනීමට හැකි බව ඔහු අවධාරණය කළේය.

ඊයේ දිනයේ දී නව ආසාදිතයින් 662 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 36,049 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුර 32,380 දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

Related posts

බන්ධනාගාරයේ වියයුතු දේ රන්ජන් කියයි

Mohamed Dilsad

පසුගිය තරඟය ගැන මාලිංග කියන දේ

Mohamed Dilsad

බැසිල් පාර්ලිමෙන්තු එන අලුත් දිනය මෙන්න…

Mohamed Dilsad

Leave a Comment