දේශීය

මිලියන 16 කට අධික සෞඛ්‍ය උපකරණ කට්ටල තොගයක් කොළඹ මහනගර සභාව වෙත

(UTV |කොළඹ) – මිලියන 16 කට අධික වටිනාකමකින් යුත් වෙන්ටිලේටර්, PCR කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ තොගයක් කොළඹ මහනගර සභාව වෙත ප්‍රදානය කර තිබේ.

ඒ චීනයේ බිජීං මහ නගර සභාව විසිනි.

කටාර් ගුවන් සේවයට අයත් යානයකින් එම සෞඛ්‍ය උපකරණ තොගය අද (12) මෙරටට එවා ඇත.

මෙවැනි තවත් සෞඛ්‍ය උපකරණ තොගයක් අනිද්දා සහ ලබන 17 වන දින දිවයිනට ලැබීමට නියමිත බව චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

Related posts

රසායනික පොහොර හා පළිබෝධනාශක ආනයනයට පෞද්ගලික අංශයට අවසර

Mohamed Dilsad

ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක තනතුරු නම් කෙරේ

Mohamed Dilsad

ලෝක ආර්ථික සමුළුවේ පච නොවී ඉංග‍්‍රිසි පුළුවං කෙනෙක් ගියා නම් රටට නම්බුයි..

Editor O

Leave a Comment