දේශීය

කොරෝනා නිසා ගාල්ල තැපැල් කාර්යාලයත් වැසේ

(UTV |ගාල්ල) – ගාල්ල තැපැල් කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.

ඒ කොරෝනා ආසාදිතයන් තුන්දෙනෙකු හමුවීම හේතුවෙනි.

අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණ 110 කින් මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.

ගාල්ල තැපැල් කාර්යාලයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය භාරව කටයුතු කළ නිලධාරියාද මෙම ආසාදිතයන් අතරවේ.

ඒ හේතුවෙන් තැපැල් කාර්යාලයේ සියලු සේවකයන් තාවකාලිකව නිවාස නිරෝධායනයට යොමුකර තිබේ.

Related posts

BYD වාහනවල විමර්ශන කඩිනමින් කරන ලෙස, අභියාචනාධිකරණ නියෝගයක්

Editor O

පොලිස් නිලධාරිනියක් පහරදුන් බව කියන සිසුවෙක් රෝහලේ

Mohamed Dilsad

අමු මිරිස් කිලෝව ඩොලර් 3යි.

Editor O

Leave a Comment