ක්‍රීඩා

LPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් මෙන්න

(UTV | හම්බන්තොට) – (LPL) ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 4ක් සුදුසුකම් ලබා තිබේ.

ඒ දඹුල්ල වයිකින්ග්, කලම්බු කිංග්ස්, ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම්ය.

ඊයේ (10) පැවැති තරගයේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත් කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ඒත් සමග ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම දළ ලකුණු ලබා ගැනීමේ වේගයට අනුව ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය හිමිකර ගනිමින් අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කරගත්තේය.

මීට අමතරව, ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වීමට දෙරටෙහි ක්‍රිකට් බලධාරීන් එකඟත්වය පළකර ඇත.

එම තරඟාවලිය තරඟ දෙකකින් සමන්විත වන අතර තරඟ සෙන්චුරියන් සහ ජොහැන්නස්බර්ග් ක්‍රීඩාංගන වල පැවැත්වේ.

පළමු තරඟය දෙසැම්බර් 26 වැනිදා පැවැත්වේ.

 

Related posts

2021 කාන්තා රග්බි තරගාවලිය නවසීලන්තයේදී

Mohamed Dilsad

කොදෙව්වන් සමග පැවති තරඟාවලියේ දී එංගලන්තය පෙරමුණට

Mohamed Dilsad

නවසීලන්තයේ ක්‍රීඩා ඉසව් යළි ආරම්භ කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment