දේශීය

කොළඹ කොරෝනා පැතිරීම ඉහළට.ඊයේ ආසාදිතයින් 526ක්

(UTV |කොළඹ) – ඊයේ දිනය තුළ පමණක් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 526 දෙනකු හඳුනාගෙන තිබේ.

ඉන් 517 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ නගර සීමා බල ප්‍රදේශයෙනි.

කොළඹ දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලින් වාර්තා ඇත්තේ රෝගීන් 09 දෙනකු පමණක් යැයිද කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටියි.

ඊයේ දිනයේ කොළඹ නගර සීමාවේ වැඩිම පිරිස වූ 176 දෙනෙකු බොරැල්ලෙන්ස, මට්ටක්කුලියෙන් 89ක්ද, කොම්පඤ්ඤවීදියෙන් 85ක්ද, මරදානෙන් 74ද ආදී ලෙස ආසාදිතයන් වාර්තා වී තිබේ.

Related posts

පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීමට හෙට සිට එකම ආයතනයකින් බලපත්‍ර

Mohamed Dilsad

ඊයේ හමුවූ ආසාදිතයින් පිළිබඳ විස්තර

Mohamed Dilsad

රනිල්ගේ පාර්ශ්වය පොහොට්ටුව සමග දිගටම සාකච්ඡා

Editor O

Leave a Comment