දේශීය

දිගන භූ චලන වාර්තාව ඉදිරි දින 4 ඇතුළත

(UTV| මහනුවර) – මහනුවර ප්‍රදේශ කිහිපයක පසුගිය දිනවල ඇති වූ භූ චලන සිද්ධීන් සම්බන්ධයෙන් ඉදිරි දින 4 ක කාලසීමාව තුළ පූර්ණ වාර්තාවක් සකස් කරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙම සිද්ධීන් සම්බන්ධයෙන් මූලික නිගමනයකට එළඹීමට බලාපොරොත්තු වන බව එම කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී.සජ්ජන ද සිල්වා මහතා පවසා සිටියේය.

පසුගිය සෙනසුරාදා දිනයේදී දිගන ප්‍රදේශයට අවස්ථා 04 කදී සුළු භූ චලන බලපෑ අතර , පළමු කම්පනය අලුයම 05.42 ට ද පස්වරු 04.27 ට ද පස්වරු 04 .35 සහ රාත්‍රී 07.03 ට අනෙක් කම්පන හටගෙන තිබූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

කෙසේ වෙතත් මෙම කම්පන භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ භූ කම්පන මානවල සටහන් වී නොමැත.

අමාත්‍ය සී.බී. රත්නායක මහනුවර දී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ මෙම භූ කම්පන පිළිබද නිසි වාර්තාවක් ලබා ගැනීමෙන් පසුව අවසන් නිගමනයකට පැමිණිය හැකි බවයි.

 

Related posts

නවක වදය නිසා හැරගිය අයට නැවතත් සරසවි වරම්

Mohamed Dilsad

ගංවතුරට නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් සීරුවෙන්

Mohamed Dilsad

බන්ධනාගාර රැඳවියන්ට දුරකථන ඇමතුම් ගැනීමට අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment