දේශීයව්‍යාපාරික

විදේශිකයන්ට රට යළි විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද

(UTV | කොළඹ) –  විදේශ සංචාරකයන්ට මෙරටට පැමිණීමට හැකිවන පරිදි ගුවන්තොටුපළ යළි විවෘත කිරීම සදහා කොවිඞ් මාර්ගෝපදේශ අනුව සැළසුම් සකස් කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ සදහා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවූ වහා ගුවන්තොටුපළ විවෘත කළ හැකි බවත් මේ සම්බන්ධව සෞඛ්‍ය බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඔහු මේ බව කියාසිටියේ සංචාරකයන් සදහා ගුවන් තොටුපළ කඩිනමින් විවෘත කිරීමේ අවශ්‍යතාව පිළිබද ඊයේ පැවති සංචාරක අමාත්‍ය උපදේශක කාරක සභාවේදීයි.

කොවිඞ් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙරටට පැමිණෙන සංචාරකයන් සදහා පහසුකම් සැපයීමට සංචාරක සේවා ස්ථාන 80 ක් මේවන විට හදුනාගෙන ඇති බවත් , සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිර්මාණය කල ජංගම දුරකථන ඇප්ලික්ෂනය ලබන වසරේදී හඳුන්වාදීමට නියමිත බවත් සංචාරක සේවා අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මහත්මිය කියා සිටියාය.

මේ අතර රට විවෘත කිරීමෙන් පසු දිවයිනට පැමිණෙන සංචාරකයින්ට රැදීසිටිය හැක්කේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතිකලත් හෝටල් සහ වාසස්ථානවල පමණක් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කර සිටියි.

 

Related posts

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

ඉන්ධන නොලැබුණහොත් සිකුරාදා සිට බස් නැහැ

Mohamed Dilsad

ඉන්දියාවෙන් සහල් තොගයක් අද මෙරටට

Mohamed Dilsad

Leave a Comment