දේශීය

අද සිට සතියක් වැසුණු තවත් පාසලක්

(UTV |මාතර ) – කනංකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය අද (30) සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර ඇති බව අකුරැස්ස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක නලින් ජයමිනි මහතා පවසයි.

වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයට අයත් කනංකේ ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන්  හත්දෙනෙකු පසුගිය 28 වන දින හඳුනාගැනීමත් සමග එම තීරණය ගෙන තිබේ.

වැලිපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.

මේ අතර දඹුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම රජයේ පාසල් ද අද සිට සතියක කාලයකට වසා දැමීමට දඹුල්ල නගරාධිපතිවරයා තීරණය කර තිබේ.

ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළින් ආසාදිතයින් හමුවීමේ අවදානමක් හේතුවෙනි.

Related posts

මහවැලි අධිකාරියෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

පුද්ගලික බස් කර්මාන්තයට දිනකට රුපියල් බිලියනයක පාඩුවක්

Mohamed Dilsad

වී ගබඩා පිරිසිදු කර අලුත්වැඩියා කිරීමට හමුදාව යොදවයි.

Editor O

Leave a Comment