දේශීය

ඉදිරි පැය 24 තුළ කාලගුණයේ වෙනසක්

(UTV |කොළඹ) – ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රි වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම පද්ධතිය ආසන්න වශයෙන් බස්නාහිර දිශාවට බරව වයඹ දිශාවට ගමන්කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ වෙත ළඟාවීමට වැඩි හැකියාවක් පවති.

ඉදිරි දින කිහිපයේ දී එය දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිවනු ඇත.

උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ අංශය සඳහන් කරයි.

Related posts

වැඩිහිටි, වකුගඩු රෝගී සහ ආබාධ සහිත පුද්ගලයින් සදහා දීමනාව ගෙවා අවසන්

Mohamed Dilsad

මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සම්බන්ධව නීතිපති උපදෙස්

Mohamed Dilsad

අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන 176 ක්

Mohamed Dilsad

Leave a Comment