දේශීයප්‍රමුඛ පුවත 1

මහර බන්ධනාගාරයේ ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවීමේ රථ කැඳවයි

(UTV |ගම්පහ) – මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 06ක් කැඳවා තිබේ.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන් 05 දෙනෙකු රාගම රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොවිඩ් 19 ආසාදනයවීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දරා ඇත.

ඒ අද පස්වරු 5.30ත පමණය.

එහිදී මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේය.

නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ද එම ස්ථානයට කැඳවා තිබේ.

මේවන විටත් බන්ධනාගාරය තුළින් විටින් විට වෙඩි ශබ්ද ඇසෙන වාර්තා වේ.

මේ අතර තත්වය සමතයකට පත් කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 5 ක් සහ විශේෂ කමිටුවක් පත්කර ඇති බව පොලිසිය පවසයි.

Related posts

අස්ගිරි මහානාහිමිගෙන් ඉම්රාන් ඛාන්ට ලිපියක්

Mohamed Dilsad

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් 26,000ක් අවතැන් – මරණ 17 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment