දේශීය

බෝගම්බරින් පැනයාමට තැත්කළ සිව් දෙනෙක් අල්ලයි

(UTV | මහනුවර) – බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පළා යෑමට උත්සහ කළ රැඳවියන් 4 දෙනෙකු අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකියාව ලැබී ඇත.

මහනුවර පැරණි බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝදායන ඹධ්‍යස්ථානයේ කුටියක රඳවා සිටි මොවුන් එහි දොර කඩාගෙන පිටතට පැමිණ බන්ධනාගාරය තුළ පිහිටි එළිමහන් ප්‍රදේශයට පැමිණ ඇති අතර එම අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් එය දැක අහසට වෙඩි තබා ගැනිමෙන් ඔවුන් පාලනය කර ගැනීමට හැකිවි තිබේ.

පසුගිය දිනකද රැදවියන් තිදෙනෙකු බන්ධනාගාර තාප්පයෙන්ද පිටතට පැන පළා යෑමට උත්සහ කළ අතර එම අවස්ථාවේ එක් අයෙකු තාප්පයෙන් පහළට ඇද වැටී මරණයට පත්විය.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පරීක්ෂණයක් පවත්වයි.

 

 

Related posts

ඡන්දයට ගමට ගිය ජනතාවට කොළඹ එන්න විශේෂ ප්‍රවාහන සේවාවක්

Mohamed Dilsad

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් තවත් ආසාදිතයන් 190 ක්

Mohamed Dilsad

බස් වර්ජනය තාවකාලිකව නතර කරයි

Mohamed Dilsad

Leave a Comment