දේශීය

බෝගම්බරින් පැනයාමට තැත්කළ සිව් දෙනෙක් අල්ලයි

(UTV | මහනුවර) – බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පළා යෑමට උත්සහ කළ රැඳවියන් 4 දෙනෙකු අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකියාව ලැබී ඇත.

මහනුවර පැරණි බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝදායන ඹධ්‍යස්ථානයේ කුටියක රඳවා සිටි මොවුන් එහි දොර කඩාගෙන පිටතට පැමිණ බන්ධනාගාරය තුළ පිහිටි එළිමහන් ප්‍රදේශයට පැමිණ ඇති අතර එම අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් එය දැක අහසට වෙඩි තබා ගැනිමෙන් ඔවුන් පාලනය කර ගැනීමට හැකිවි තිබේ.

පසුගිය දිනකද රැදවියන් තිදෙනෙකු බන්ධනාගාර තාප්පයෙන්ද පිටතට පැන පළා යෑමට උත්සහ කළ අතර එම අවස්ථාවේ එක් අයෙකු තාප්පයෙන් පහළට ඇද වැටී මරණයට පත්විය.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පරීක්ෂණයක් පවත්වයි.

 

 

Related posts

Online මඟින් සරසවි ප්‍රවේශයට අයදුම්පත් කැඳවීම ජූනි 2 න් අවසන්

Mohamed Dilsad

අවුරුදු 30ක ට පසු පලාලි – අච්චුවේලි මාර්ගය විවෘත කරයි.

Editor O

පාප්තුමා තෝරාගන්නා නිලවරණය ගැන කෙටි පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment