දේශීය

මහනුවර රෝහලේ 16 කට කොරෝනා ආසාදනය වේ

(UTV |මහනුවර) – මහනුවර මහ රෝහලේ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ තවත් 16 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.

රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ වෛද්‍යවරයෙකු සහ හෙද කාර්යමණ්ඩලයේ 07 දෙනෙකු ද ඒ අතර වන බවයි.

රෝහලේ, උගුර කණ නාසය ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට මීටපෙර හඳුනාගැනීමත් සමග එම ඒකකයේ සිදුකළ PCR පරීක්ෂණවලදී මෙලෙස තවත් 16 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

පවතින තත්ත්වය හමුවේ රෝහලේ උගුර කණ නාසය සායනය වසා දැමීමට සහ එම ප්‍රතිකාර ඒකකයට රෝගින් ඇතුළත් කරගැනීම තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇත.

මේ අතර ඊයේ රෝගීන් 16ක් හමුවූ ලංකා හොස්පිටල් හි නේවාසිකාගාරයෙනුත් කොවිඩ් රෝගියෙක් අද හමුව තිබේ.

Related posts

රියදුරු පුහුණුව අතර තුර දී තරුණියක් මරුට

Mohamed Dilsad

විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට

Mohamed Dilsad

අන්තර් පළාත් බස් රථ ධාවනයට හෙට සිට වැඩි ප්‍රමුඛත්වයක්

Mohamed Dilsad

Leave a Comment