දේශීය

ඉතියෝපියාවේ යුධ කලාපයේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බේරා ගනී

(UTV |ඉතියෝපියාව ) – ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයේ සිටි ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු මුදා ගැනීමට හැකි වූ බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

විදේශ අමාත්‍යාංශය, ඉතියෝපියාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය සමඟ සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස යුධ කලාපයෙන් මුදා ගෙන ඇත.

ශ්‍රී ලාංකිකයන් සහ තවත් රටවල් ගණනාවකට අයත් විදේශිකයන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත රිය පෙළකින් ටයිග්‍රේ සිට ඉතියෝපියාවේ අෆාර් ප්‍රදේශය වෙත රැගෙන ගොස්, එතැන් සිට අඩිස් අබාබා අගනුවර වෙත රැගෙනවිත් තිබේ.

ඉතියෝපියාවේ ඇඟලුම් කර්මාන්තයේ නියුතු මෙම සියලුම ශ්‍රී ලාංකිකයින් ඉදිරි දිනකදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Related posts

හෙරිටේජ් ඩර්බි, පාපන්දු තරඟය වෙනුවෙන්, නිර්මාණය කළ නිල ස්ටිකරය එළි දැක්වීම කොළඹ දී

Editor O

ආපදාවට පත්වූවන්ට ආහාර සැපයීමට අදාළ චක්‍රලේඛයක්

Editor O

“නිව් ඩයමන්ඩ්” නෞකාවේ කපිතාන්වරයාට විදේශ ගමන් තහනමක්

Mohamed Dilsad

Leave a Comment