ව්‍යාපාරික

ඉන්ධන මිල වෙනස් නොවන බවට සතියක්

(UTV |කොළඹ) – ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල වෙනස් වුවද මෙරට තුළ ස්ථාවර ඉන්ධන මිලක් පවත්වාගෙන යන බව   බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී ඊයේ (25) රැස් වූ අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විචලනය වන ඉන්ධන මිල පොදු ප්‍රවාහන සේවා භාවිතකරන බහුතරයක් ජනතාවට තදින් දැනෙන බැවින් රජය මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා කියා සිටියි.

ඒ අනුව ස්ථායිකරණ අරමුදලක් බිහිකිරීම පිළිබඳ වැඩිදුර අධ්‍යයනය සිදු කෙරෙමින් ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට, ඛනිජ තෙල් ප්‍රවාහනය කිරීම 35% ක් දුම්රිය මගින්ද, 65% බවුසර් මගින්ද සිදුවන අතර ඉදිරියේදී දුම්රිය ගමනාගනය ඔස්සේ ඛනිජ තෙල් ප්‍රවාහනය 60% දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරයි.

Related posts

ඉන්දන බෙදාහැරීමේ අර්බුධයක්….?

Editor O

වාහන ආනයනය අත්හිටුවීම අඛණ්ඩව

Mohamed Dilsad

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ජනපති අතට

Mohamed Dilsad

Leave a Comment