ක්‍රීඩා

නවසීලන්තයට පැමිණි පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන් 06 කට කොරෝනා

(UTV| නවසීලන්තය) – තරඟ සංචාරයක් සඳහා නවසීලන්තයට පැමිණි පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 06 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාධනය වී ඇතැයි අනාවරණ වී තිබේ.

ඔවුන් රටින් පිටත්වීමට පෙර ලාහෝර් නුවරදී කොරෝනා පරීක්ෂණවලට ලක්කර තිබූ අතර නවසීලන්තයට පැමිණිමෙන් පසු ක්‍රයිස්චර්ච් නුවරදී නැවතත් පරීක්ෂා කර ඇත.

එහිදී අනාවරණ වී ඇත්තේ ඔවුන්ට පකිස්ථානයේදී කොවිඩ් වෛරසය ආසාධනය වී ඇති බවයි.

මේ අනුව තරඟ සංචාරයට පැමිණි නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සියලු සාමාජිකයන් යළිත් කොවිඩ් පරීක්ෂණවලට යොමු කිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

 

 

Related posts

රන් පදක්කමක් සහ රිදි පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ජනපති හමුවෙයි

Mohamed Dilsad

ආසියානු ක්‍රීඩා උළෙලේ චීනය රජ වෙද්දී ශ්‍රී ලංකාව බිංදුවටම වැටෙයි

Mohamed Dilsad

Leave a Comment