දේශීය

කහ කිලෝග්‍රෑම් 1000 ක් සමඟ සැකකරුවෙකු අල්ලයි

(UTV | පුත්තලම) – නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 40 ක් වටිනා කහ කිලෝග්‍රෑම් 1000 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

නාවික හමුදාව ලබා දුන් බුද්ධි තොරතුරක් මත පුත්තලම පොලිසිය ඊයේ සිදු කළ වැටලීමකදී පුත්තලම පැරණි මාර්ගයේ පිහිටි ලුණු කර්මාන්තශාලාවක සඟවා තිබූ මෙම කහ තොගය සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ගබඩාවේ භාරකරු ලෙස කටයුතු කළ 37 හැවිරිදි සැකකරුවෙක්.

 

 

 

 

 

Related posts

සූරියවැවදී සිදුවූ පහරදීම පිළිබඳව ඇමතිගේ නියෝගයෙන් පරීක්ෂණයක්

Mohamed Dilsad

විරෝධතාකරුවන් පිරිසකට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

සමන් පෙරේරා රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment