දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇප මත නිදහස්

(UTV |මඩකලපුව) – බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ව ඇප මත මුදාහැර තිබේ.

මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී. විග්නේෂ්වරන් මහතා විසින් එම නියෝගය අද ලබා දුන්නේය.

2005 වර්ෂයේ දී නත්තල් දින මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේ පැවැති උදෑසන දේවමෙහෙය අතරතුර ජෝසප් පරරාජසිංහම් මහතාව ඝාතනයට ලක්විය.

එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් සමග බන්ධනාගාර ගතකර සිටි තවත් සිව්දෙනෙකුට ද ඇප හිමිවී තිබේ.

Related posts

බැසිල්ට එරෙහි ලිත් නඩුවේ සාක්ෂි විභාගයට දින නියම කෙරේ

Mohamed Dilsad

කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් අතරට එක්වූ නවක මන්ත්‍රීවරු

Mohamed Dilsad

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක්

Mohamed Dilsad

Leave a Comment