දේශීය

මුඛ ආවරණ පැළඳ නොසිටි පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – මුඛ ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය දින 25 තුළදී පොලීසිය විසින් පුද්ගලයන් 527 දෙනකු අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ රෙගුලාසි ගැසට් කර සති දෙකකට පසුව, එනම් ඔක්තෝබර් මස 30 වැනිදා සිට මුඛ ආවරණ පැළඳ නොසිටින සහ සමාජ දුරස්ථ නීති උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් ආරම්භ කරනු ලැබුවේය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්⁣ 527 දෙනා අතරින් 62 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය පැය 24 තුළදී බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ජාතික රෝහලේ සායනික රෝගීන් සඳහා ඍජු දුරකථන අංක කීපයක් [PRESS RELEASE]

Mohamed Dilsad

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියානු නියෝජ්‍ය සහකාර ලේකම් සහ විපක්ෂ නායක අතර හමුවක්

Editor O

ආපදා තත්ත්වයෙන් ළමයි 275,000 පීඩාවට

Editor O

Leave a Comment