දේශීය

බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවත් කරයි

(UTV |කොළඹ) – හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා ඇති විදේශ ගමන් තහනම කොළඹ මහාධිකරණය විසින් අද ඉවත් කළේය.

2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992ක මුදලක් වැය කර නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට ඔහු ඇතුළු 4 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද (23) මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ හමුවේ කැදවනු ලැබුණි.

මෙහිදී සෑම මාස 3කටම වරක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට පැනවූ ඇප කොන්දේසිය ඉවත් කිරීමට විනිසුරුවරයා නියෝග කර ඇත.

Related posts

අද කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

මව්බිම ජනතා පක්ෂයට පොහොට්ටුවේ මන්ත්‍රීවරු තිදෙනෙක් එකතු වෙයි.

Editor O

ලංකා සතොසේ නව භාණ්ඩ මිල ගණන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment