දේශීය

හෙට සිට දරුවන් පාසල් එවීමට දෙමාපියන් බිය වියයුතු නැහැ

(UTV |කොළඹ) – හෙට දිනයේ පාසල් ආරම්භ කිරීම ගැන අනියත බියක් ඇති කර නොගන්න ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා දෙමාපියන්ගෙන් ඉල්ලයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසන්නේ පාසල් ආරම්භ කිරීමේදී සිදුවන්නේ, 23 වනදා එක්වරම පාසල් විවෘත වීමක් නොව කලක් තිස්සේ මනා අවබෝධයකින් යුක්තව කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ උපදෙස් අනුව සෞඛ්‍ය අංශ නිර්ණායක මත සිදුවන්නක් බවයි.

ඒ අනුව බොහෝ කාලයක් තිස්සේ ඒ සඳහා කටයුතු සූදානම් කෙරුණු බව මහාචාර්යවරයා වැඩිදුරටත් පවසයි.

පාසල් සඳහා සිසුන් එවීම සඳහා දෙමව්පියන් විසින් අනියත බියක් ඇතිකරගත යුතු නැති බවද ඔහු එහිදී පැවසීය.

ඒ අනුව බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල හැර 6 ශ්‍රේණියේ සිට 13 දක්වා සිසුන් සඳහා හෙට සිට පාසල් ආරම්භ කෙරේ.

Related posts

මහ මැතිවරණය ජුනි 20 පැවැත්වීමට නොහැකි බව මහින්ද දේශප්‍රිය කියයි

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්

Mohamed Dilsad

විදුලි කප්පාදුව ගැන තීරණයක්

Editor O

Leave a Comment