දේශීය

ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක් සිදු කර තිබේ.

 

කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ජලසැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

 

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදු වූ හදිසි විදුලි බිඳවැටීමක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවීමට සිදු ව තිබේ.

 

කෙසේ වෙතත් මේ වන විට අදාළ අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙමින් පවතින බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ජපානයේ රැකියා සදහා යන ශ්‍රමිකයින්ට නොමිලේ ගුවන් ටිකට්පත්

Mohamed Dilsad

විනය රකින්න සමගි ජන බලවේගය ගත් විශේෂ තීරණය

Editor O

හිරුණිකාට එරෙහි නඩු විභාගයට දින තීන්දු කෙරේ

Mohamed Dilsad

Leave a Comment