විදෙස්

ඇමරිකාවේ කොරෝනා මරණ 250,000 ඉක්මවයි

(UTV | ඇමරිකාව) – ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 250,000 පසුකර තිබේ.

ලොවපුරා වැඩිම ආසාදන හා මරණ ඇමරිකාවෙන් වාර්තාවන අතර ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව අද (19) උදෑසන වනවිට ඇමරිකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 256,218කි.

මේ වනවිට ඇමරිකාවෙන් කොරෝනා ආසාදිත රෝගීන් මිලියන 11.8ක් වාර්තා වී තිබේ.

ඇමරිකාව පුරා යළිත් දෛනික ආසාදන සීඝ්‍රයෙන් ඉහළ යෑමට පටන්ගෙන ඇත.

 

Related posts

අඟහරු ග්‍රහයා මත ජලය

Mohamed Dilsad

ට්විටර් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම්

Mohamed Dilsad

සුනාමි බලපෑමෙන් ඉන්දුනීසියාවේ 50ක් මරුට(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment