ගොසිප්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්යය මණ්ඩලයේ 16 දෙනෙකුට කොවිඩ්

(UTV |කොළඹ) – කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරන කාර්යය මණ්ඩලයේ 16 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබේ.

ඒ අතර වෛද්‍යවරු 05 දෙනෙකුද වේ.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසන්නේ මේ වන විට රෝහලේ කොවිඩ් ආසාදනය වී ඇති පුද්ගලයින් ගණන 60ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

මේ අතර අද (17) දිනයේ දී වයස අවුරුදු 11 ක දරුවෙක් කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර, ඔහු කොළඹ 12 ප්‍රදේශයෙනි.

බඩේ අමාරුවක් සමග එම දරුවා රෝහල්ගතව ඇති බවත් ඔහුව පරීක්ෂා කිරීමේ දී ඇපෙන්ඩිසයිසස් රෝගය තිබෙන බවට තහවුරු බව ත් පැවසු රෝහල් අධ්‍යක්ෂවරයා, PCR පරීක්ෂණයක් සිදුකිරීමේ දී එම දරුවා කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වු බවත් පැවසීය.

රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ වැඩිදුර ප්‍රතිකාර සඳහා දරුවා මේ වන විට යොමුකර ඇති බවයි.

Related posts

“නැවත පුහුණුකරු වීමට නම් හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව සාකච්ඡා කළ යුතුයි” – හරින් ප්‍රනාන්දු

Mohamed Dilsad

ගව ඝාතනය තහනම්.

Mohamed Dilsad

කොරෝනා කාලයේදී වැඩිම ආදායමක් ඉපැයූ කී‍්‍රඩකයන් 10 අතරට කෝලි

Mohamed Dilsad

Leave a Comment