දේශීය

අද සිට වැසි වැඩිවේ

(UTV |කොළඹ) – දිවයිනේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (16) දිනයේ සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ද තැනින්තැන පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි.100ට වැඩි තද වැසි බලාපොරොත්තුවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

අධ්‍යාපන චාරිකා සඳහා නව නීති රැසක්

Mohamed Dilsad

ජැක් මා ගෙන් මුඛාවරණ ලක්ෂයක්

Mohamed Dilsad

සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයක් වෙතට නිරෝධායන මධ්‍යස්ථානයකට යෝජනා

Mohamed Dilsad

Leave a Comment