ගොසිප්

කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවන කොවිඩ් ආසාදිතයන් තවදුරටත් ඉහළට

(UTV | කොළඹ) – පසුගිය ඔක්තෝබර් 04 වනදා සිට කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 5000 ඉක්මවා ගොස් තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ වනවිට එම ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 5127 ක් ලෙසයි.

මීට අමතරව , ගම්පහ දිස්ත්‍රික්කයෙන් 4917 ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 595 ක් ලෙසට ද වාර්තා වී ඇත.

එමෙන්ම මෙරටින් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 392 න් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම ගණන 205 ක්.

 

Related posts

නරේන්ද්‍ර මෝදි මාර්තු මස ලංකාවට

Mohamed Dilsad

රැඳවියෙකුගේ ගුද මාර්ගයෙන් සොයාගත් දුරකථනය

Mohamed Dilsad

කොරෝනා පිලිබඳ ලන්ඩනය කළ අලුත්ම හෙළිදරව්ව

Mohamed Dilsad

Leave a Comment