ගොසිප්

කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවන කොවිඩ් ආසාදිතයන් තවදුරටත් ඉහළට

(UTV | කොළඹ) – පසුගිය ඔක්තෝබර් 04 වනදා සිට කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 5000 ඉක්මවා ගොස් තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ වනවිට එම ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 5127 ක් ලෙසයි.

මීට අමතරව , ගම්පහ දිස්ත්‍රික්කයෙන් 4917 ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 595 ක් ලෙසට ද වාර්තා වී ඇත.

එමෙන්ම මෙරටින් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 392 න් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම ගණන 205 ක්.

 

Related posts

නංගී අතින් අයියා ඝාතනය වෙයි

Mohamed Dilsad

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න උත්සහ කරන එජාප ප්‍රබලයා

Mohamed Dilsad

ප්‍රජාතන්ත්‍රවාදය නෙමේ ජනතාවට ඕනේ තුන් වේල කාල ඉන්නයි – මුත්තයියා කට අරී

Mohamed Dilsad

Leave a Comment